FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා සංශෝධන ඡන්ද විමසිම් කෙටුම්පත සම්මතයි..

පළාත් සභා සංශෝධන ඡන්ද විමසීම් පනත ඊයේ (20) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය .

පනතට එකඟතාවය පල කරමින් ඡන්දය භාවිතා කළ මන්ත්‍රී සංඛ්‍යාව 154ක් වන අතර විරුද්ධව ඡන්දය භාවිත කළ මන්ත්‍රී සංඛ්‍යාව 43කි.

මෙහිදි එක් මන්ත්‍රීවරයෙක් පමණක් ඡන්දය දීමෙන් වැළකි සිටියේය.

ජාතික ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ඊට අදාළ විවාදය ඊයේ රාත්‍රී 8.00 දක්වා පැවැත්වුණී.

(DE සිල්වා)