පළාත් සභා මැතිවරණ කල් දමා ගැනීම සඳහා රජය ගත් සියලු උත්සාහයන් ව්යර්ථවන තත්ත්වයක් මේ වන විට පර්ලිමේන්තුව තුළ මතුව ඇති බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පෙන්වා තිබේ.
එම නිවේදනය,
පක්ෂ නායකයින් ‘පළාත් සභා සංශෝධන පනත සාකච්ඡාවට ගැනීමට විරෝධය පළ කර ඇත. ඒ අනුව, ඡන්ද කල් දැමීම පාර්ලිමේන්තුවේ සුළු බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීම ගැටළුවක් බවට පත් වේ.
ආංශික කාරක සභා සඳහා ඉදිරිපත් නොවූ කරුණු කාරක සභා අවස්ථාවේ දී පනත් සංශෝධන ලෙස ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු සම්ප්රදාය නොවේ. මැතිවරණ ආංශික කාරක සභාවේ සභාපතිවරයා වන්නේ ගාමිණී ලොකුගේ මහතා ය.
පිටු 1 ½ ක් වූ කාන්තා නියෝජනය පිළිබද පළාත් සභා පනත් සංශෝධනයට රජය අද ඉදිරිපත් කළ සංශෝධනය පිටු 31 කි. එම සංශෝධන 20 වන ආණ්ඩුක්‍රම ව්ය ස්ථා සංශෝධනයට ඉදිරිපත් කළ සංශෝධන හා ඇදහිය නොහැකි සමානාකමක් සහිතය.
පිටුපස දොරින් සිදු කරන ජනමත විචාරණයක් සඳහා අගමැතිවරයා – ජනපති එකඟත්වය ලැබී නැත.
මැතිවරණ කොමිෂන් සභාපතිවරයා හා නීතිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවට කැදවා ඇත! කැෆේ සංවිධානය ඊයේ නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, පළාත් සභා ලේකම්, අගමැති ලේකම් වෙත අවධාරණය කළේ මෙම නීති විරෝධී හා සම්ප්රදාය විරෝධී ක්‍රියාවට ඔවුන්ගේ අනුග්‍රහය ලබා නොදෙන ලෙසය.
කැෆේ සංවිධානය
මාධ්‍ය ඒකකය
2017 සැප්තැම්බර් 20
(DE සිල්වා)








