FAST NEWS

24×7 Around the Globe

රතුපස්වල සිද්ධියට අදාළ ගිනි අවි පත්තු කර නෑ – රස පරික්ෂක

පානීය ජල ගැටළුවෙදී රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂකරවරයාට යැවූ ගිනි අවි 40 පාවිච්චි කර නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින යුද හමුදා සාමාජිකයින් දෙදෙනා ලබන 04 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කිරීමට අධිකරණය නියෝග කළේය.

(DE සිල්වා)