පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමට විධි විධාන සැලසෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
(DE සිල්වා)








