FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් හිටපු ඇමතිට ඇප..

පුද්ගලයෙකුට නවසීලන්තයේ රැකියාවක් දෙන බව පවසා රුපියල් ලක්ෂ තුනක මුදලක් වංචා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් ඊයේ (18) අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටනී වික්ටර් පෙරේරා ඇප මත නිදහස් කළ බව හලාවත පොලිසීය පවසයි.

හෙතෙම අත්අඩංගුවට ගෙන හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට නියෝග කළ බව පොලිසීය වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)