FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී අද එක්සත් ජාතීන් අමතයි…

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි වාර්ෂික සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට ආරම්භ මෙහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දේශපාලන සම්මුතිවාදය පිළිබඳවත් සංහිඳියාව සහ සාමය පිළිබඳවත් ලංකාවේ සිදුවෙමින් පවතින දේශගුණික විපත් පිළිබඳවත් මෙහි දී ජනාධිපතිවරයා ලෝක නායකයින්ගේ අවධානය යොමු කරනු ඇතැයි පැවසේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන තෙවැනි අවස්ථාව මෙයයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම මහත්මිය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (18) පෙරවරුවේ නිව්යෝර්ක් නුවරට ළඟා වූහ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට පෙර සම්ප්‍රදායිකව පැවැත්වෙන ආර්ථික සහ සමාජීය සභාවේ විශේෂ සැසිවාරයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) සවස් කාලයේ සහභාගි විය.