FAST NEWS

24×7 Around the Globe

සාකච්ඡා අසාර්ථකයි – විදුලි වර්ජනය 06 වැනි දිනටත්..

කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා සමග ඊයේ (18) පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමීන් පසුගිය 13 වැනිදා ආරම්භ කළ සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

එ අනුව විදුලි සේවක වර්ජනයට අද (19) ට දින 06ක් ගතව තිබේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම, වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගගලයන්ට දඬුවම් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විදුලි සේවකයෝ මෙලෙස වැඩ වර්ජනයේ නිරත වෙති.

(DE සිල්වා)