FAST NEWS

24×7 Around the Globe

මුහුදු ආහාර අපනයනයේ සියයට 40ක වර්ධනයක්..

යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවත් වීමත් සමග ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අපනයනය සියයට 40ක වර්ධනයක් ලබා ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

යුරෝපා සංගමය විසින් පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම රජයේ මැදිහත් වීම මත ඉවත් වීමත් සමග මුහුදු ආහාර සඳහා තිබෙන ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත් ඒ සමග ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අපනයනය 2017 වසරේ ගත වූ මාස 06 තුළ සියයට 40ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය අගෝස්තු 25දා නිකුත් කර ඇති ආර්ථික තොරතුරු වාර්තාවේ මෙය දැක්වෙන බව අමාත්‍යාංශය නිවේදනය කරයි.