පළාත් සභා ඡන්දය එකම දිනයක පැවැත්වීමට විධි විධාන සැලසෙන 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හෙට (19) දිනයේ කථානායක කරු ජයසූරිය මහතා පාර්ලමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පසුගිය අගෝස්තු මස 23 වැනිදා මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 වැනි ව්‍යවස්ථාවට සංශෝධන හතරක් ගෙන එමට නියමිතව ඇත.
එ අනුව පළාත් සභා සියල්ලෙහි ඡුන්ද විමසීම එකම දිනයක පැවැත්වීම, එ සඳහා පළාත් සභා විසුරුවන දිනය නියම කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවරා ගැනීම, එකම දිනක පළාත් සභා විසිරවීම සඳහා සමහර පළාත් සභාවල කාලය දීර්ඝ කිරීම සහ යම් හේතුවක් නිසා පළාත් සභා විසුරුවා හැරීමක් සිදුකළ විට එකී පළාත් සභාවේ බලතල පාර්ලිමේන්තුව විසින් කි‍්‍රයාත්මක කරනු ලැබීම යන සංශෝධන මෙමගින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සිවිල් සංවිධාන විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළේය.
එ අනුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් වූ ශ්රේ්රෂ්ඨාධිකරණ මතය කථානායක කරු ජයසූරිය මහතාට එවීමෙන් අනතුරුව එ පිළිබඳව හෙට පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය.
(DE සිල්වා)








