FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ 30 ක් දක්වා පොදුජන පෙරමුණ ගෙන යනවා..

මාස දෙකක් වැනි කෙටි කාලයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සාමාජිකත්වය ලක්ෂ 20 ක් දක්වා වර්ධනය කර ගැනීමේ ඉලක්කය සපුරා ගත් බවත් පක්ෂ සාමාජිකත්වය ලක්ෂ 30ක් දක්වා වැඩිකර ගැනීම පක්ෂයේ මීළඟ ඉලක්කය වී ඇති බවත් එහි ප්‍රධාන පෙළේ නායකයෙකු වන බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු මේ වන විට දිස්ත්‍රික් මට්ටමින් අවසන් කර ඇති අතර මැතිවරණ කොට්ඨාස මට්ටමින් ජනතාව දැනුවත් කිරීමද අවසන් අදියරටද පැමිණ ඇති බව එ මහතා පවසයි.

(DE සිල්වා)