FAST NEWS

24×7 Around the Globe

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර පිට කිරීමට සැක ගුරුවරයාට සහ සොහොයුරාට ඇප..

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිට කිරිමට අදාළව රිමාන්ඩ් බාරයේ සිටි උපකාරක පන්ති ගුරුවරයා සහ ඔවුගේ සොහොයුරාව ඇප පිට නිදහස් කිරිමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහාත අද (18) නියෝග කළේය.

රුපියල් දසදහසක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට මෙසේ නියෝග කෙරුණී.

මෙහිදී ඔවුනගේ විදේශ ගමන් තහනම් කිරිමටත් සෑම ඉරිදාවකම පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද අධිකරණයෙන් නියෝග කෙරුණී.

(DE සිල්වා)