FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා ජන්දය දෙසැම්බර් 09 වැනිදා ..

පළාත් සභා ඡන්දය එකම දිනයක පැවැත්වීමට අදාළා විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුණහොත් සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා තුනේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 09 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

එම ඡන්දයේ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර මස දෙවැනිදා සිදු තෙරන බවත් නාමයෝජනා බාර ගැනීම ඔක්තෝබර් 16 ත් 23ත් අතර කාලයේදී සිදු කරන බව ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම මෙම 20 වැනි සංශෝධන පනත පාර්ලිමේන්තුවේදි සංශෝධනය කර නොගැනීමට රජයේ අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.

(DE සිල්වා)