FAST NEWS

24×7 Around the Globe

විදුලිබල වර්ජනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ..

ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමීන් පසුගිය 13 වැනිදා ආරම්භ කර ක්‍රියාත්මක වන විදුලිබල මණ්‌ඩල සේවක වැඩ වර්ජනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක්‌ අද (18 ) පස්වරු 2.30 ට කම්කරු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමීත බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ද වර්ජනයට එක්‌ව සිටින සියලුම වෘත්තීය සමිති නියෝජිතයන්ද සහභාගි වීමට නියමිත බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)