FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී  වීරකුමාර දිසානායක අධිකරණයට හමුවට ඒයි..(update)

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී  වීරකුමාර දිසානායක මහතා මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව අධිකරණය වරෙන්තුව නැවත කැඳවීමට කටයුතු කර ඇත.

+++++++++++++++++++++++++(update)

ජනිපෙ වීරකුමාර දිසානායකව අත්අඩංගුවට ගන්නනැයි වරෙන්තු..

කොළඹ බෞද්ධාලෝක මාවතේදී මහජනයාට හිරහැර වන පරිදි උද්ඝෝෂණයක් පැවැත්වීම යන චෝදනාවට අදාළව විභාග වන නඩු විභාගයක් සඳහා අද (18) දිනයේ නොසිටිම හේතුවෙන් ,ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අත් අඩංගුවට ගන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

ජානිපෙ නායක විමල් විරවංශ වීරකුමාර දිසානායක ඇතුළු 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වුණු අතර නිසි බලපත්‍ර නැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මාර්ගවල රථ ධාවනයට බාධා පමුණවමින් අදාල උද්ඝෝෂණය පැවැත්වූ බවට පොලීසිය විසින් මොවුන්ට චෝදනා එල්ල කර ඇත.

(DE සිල්වා)