FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට වැසි..

අද (18) දිනයේදි බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාළගුණ දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලවැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද සඳහන්.

එසේම මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් දැක්වෙයි.

(DE සිල්වා)