FAST NEWS

24×7 Around the Globe

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය සිව් වන දිනටත්..

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනයේ සිව් වන දිනය අදයි.

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් කළ විමසීමකදී කියා සිටියේ සිය ඉල්ලීම්වලට ඊයේ(15) රාත්‍රිය වන තුරුම විසඳුමක් නොලැබුණු බවයි.

විදුලිබල මණ්ඩලය තුළ ඉහළ පාලන අධිකාරියට වැටුප් ගෙවීමේදී සිදුවන මූල්‍ය අක්‍රමිකතාවන් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුලි වෘත්තීය සමිති මෙම වර්ජනය ආරම්භ කළේ පසුගිය 13 වනදාය.