FAST NEWS

24×7 Around the Globe

සයිටම් ආයතනට නවක වෛද්‍ය සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවයි..

සයිටම් ආයතනට නවක වෛද්‍ය සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

සයිටම් ගැටලුව විසදීම සඳහා ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කළ අතර මෙම කමිටුව විසින් පසුගිය සැප්තැම්බර් 11 වනදා ජනධිපතිවරයා වෙත කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම කමිටුව අදාල ගැටලුව සම්බන්ධයෙන් දින 10ක පමණ කාලයක් පාර්ශව රැසක් සමග සාකච්ඡා කරන ලදි.

මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස කමිටුව නිර්දේශ කළේ සයිටම් ආයතන වෙත වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමටය.

ඒ අනුව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එම නිර්දේශය තිරණය කර සයිටම් ආයතනට, විශ්ව විද්‍යාල පනතේ 70 වන වගන්තිය යටතේ අද(16) දින දැනුම් දී ඇති බව වාර්තා වෙයි.