FAST NEWS

24×7 Around the Globe

කූරාම් ෂෙයික් ඝාතනය තීන්දුවට එරෙහි නීතිපතිගේ පෙත්සමට දින දෙයි..

2011 වර්ෂයේ තංගල්ල හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කූරාම් ෂෙයික් ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කල බවට වරදකරුවන් වු තoගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඇතුලු සිව්දෙනාට මහාධිකරණය ලබාදුන් අවුරුදු 20 බැගින් වු සිර දඩුවම් ප්‍රමාණවත් නොවන බව පවසා නීතිපතිවරයා ගොනු කර ඇති පෙත්සම සැප්තැම්බර් මස 20 සලකා බැලීමට අභියාචනාධිකරණය අද (15) දින නියම කළේය.

කොළඹ මහාධිකරණ තීන්දුව අභියොගයට ලක් කරමින් එම නඩුවේ චුදිතයින් ගොනු කල අභියාචනයන්ද එම දිනයටම කල් තැබීමටද අභියාචනාධීකරණය නියෝග කළේය.

නීතිපතිවරයා ගොනු කර ඇති අභියාචනයෙන් ඉල්ලා ඇත්තේ මහාධිකරනයෙන් චුදිතයන්ට ලබාදී ඇති අවුරුදු 20 බැගින් වු සිර දඩුවම් ඉවත දමා ඔවුන්ට එරෙහිව මරණ දඩුවම හො ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දෙන ලෙසටය.

තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරන, ළහිරු කෑලුම්,සමන් දෙශප්‍රිය සහ ප්‍රගීත් චතුරංග යන අය මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාහාධිකරණය හමුවේ චුදිතයන් විය.

(DE සිල්වා)