FAST NEWS

24×7 Around the Globe

විශ්‍රාමීක සේවකයින්ට සේවයට එන්නැයි ලංවිම ඉල්ලයි..

මෙ වන විට විදුලි බල සේවක වර්ජනයක් ක්‍රියාත්මක වන හෙයින් අත්‍යාවශ්‍ය විදුලි සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ එක් පියවරක් ලෙස විශ්‍රාමික කාර්ය මණ්ඩලය නැවත සේවයට කැඳවීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

2014.09.01 දිනට පසුව විශ්‍රාම ලැබූ ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ සේවකයින් හා රියදුරන් මෙලෙස කැඳවීමට කටයුතු කර තිබේ.

එ අනුව සිය සේවය නැවත ලබා දීමට කැමති නම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉහත කාණ්ඩවල සේවකයින්ට තමන් අවසන් වරට සේවය කළ රාජකාරී ස්ථානයට සේවය සඳහා වාර්තා කරන ලෙස අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

(DE සිල්වා)