FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්දගේ මුලික විරෝධතා අධිකරණයෙන් ඉවතලයි..

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොoග්‍රස් වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ මූලික විරොධතා ප්‍රතික්ෂේප කරමින් ඔහුට එරෙහිව නඩුවක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (15) නියෝග කළේය.

ඒ අනුව මෙම නඩුව නොවැම්බර් මස 29 සහ දෙසැම්බර් 11 විභාගයට ගැනීමට මහාධිකරණය නියෝග කළේය.

මෙම චෝදනා වලට අදාළව අධිකරන බලප්‍රදේශය සම්බන්ධයෙන් මූලික විරොධතා විත්ති පාර්ශවය ඉදිරිපත් කර තිබූණි.

මෙම නඩුවට අදාළව නීතිපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ අධි චෝදනා ගොනු කර තිබේ.

(DE සිල්වා)