FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ බස්නාහිර අපේකෂකයෝ හා ජනපති අතර හමුවක්..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බස්නාහිර පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් හෙට (16) පෙරවරු 10.00ට එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.

ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට සූදානම් වීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට මෙම හමුව සංවිධානය කර ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් මේ වන විට තෝරා අවසන් කර ඇති අතර පළාත් මට්ටමින් එම අපේක්ෂකයින් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පැවසීය.

(DE සිල්වා)