FAST NEWS

24×7 Around the Globe

දුම්රිය සේවකයෝ පැය 48 ක වැඩ වර්ජනයකට යති..

වැටුප් විෂමතා මුල් කරගනිමීන් ලබන 20 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 ට සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එ අනුව පවතින වැටපු විෂමතා ගැටලු එම දිනයට පෙර විසඳීමට බළධාරීන් කටයුතු නොකළහොත් මෙම වර්ජනය අනිවාර්යෙන්ම සිදු කරන බවත් එම සංගමය කියයි.

එසේම මෙම වර්ජනයට දුම්රිය පාලකවරුන්, රියදුරන්, නියාමකවරුන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් ද සහභාගි වන බව එම සංගමයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

(DE සිල්වා)