FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ..

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මස පවත්වන මෙන් සියලුම පක්ෂ නායකයන් මැතිවරණ කොමසාරිස්ගෙන් කරන ලද ඉල්ලීමට එකඟතාව ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

එ අනුව එළැඹෙන දෙසැම්බර් මාසය වන විට අය වැය හා මේ සම්බන්ධ පාර්ලිමේන්තු වැඩකටයුතු අවසන් වීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බවද හෙතෙම පැවසීය.

කොට්ඨාස ක්‍රමයෙන් 60%ක් සහ අනුපාත ක්‍රමයෙන් 40%ක් ලෙසින් පාර්ලිමේන්තු නියෝජනය ලැබෙන නව මැතිවරණ ක්‍රමයකයක් යටතේ මෙම මැතිවරණය පැවැත්වෙනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

(DE සිල්වා)