FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය ප්‍රතිසංවිධානය සඳහා කමීටු පත් කෙරේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ප්‍රතිසංවිධානය කිරීම සඳහා කමීටු කිහිපයක් පත් කර ඇති බවත්, අදාළ කමීටුවල වැඩකටයුතු මේ මස 23 වැනි දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

එ අනුව මුදල්, නීති සහයක, මැතිවරණ ප්‍රචාරණ ,පක්ෂ සම්බන්ධීකරණ, සංහිඳියා ප්‍රතිපත්ති, මැතිවරණ සමීක්ෂණ, අන්තර් සම්බන්ධතා යන කමිටු පත්කර තිබේ.

එසේම මෙම කටයුතු දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී එය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සම්බන්ධීකරණය කිරීම සඳහා දිස්ත්‍රික්ක සම්බන්ධීකාරකවරුන් දිස්ත්‍රික්ක 25ට පත්කිරීමට සැලසුම් කර ඇති බ වාර්තා වේ.

මෙ සඳහා අමාත්‍යවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් හා රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කීරමට පියවර ගෙන ඇති බව වැඩි දුරටත් පැවසේ.

(DE සිල්වා)