FAST NEWS

24×7 Around the Globe

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියට විරෝධයක්..

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වශයෙන් කටයුතු කරන හෙලන් මීගස්මුල්ල මහත්මීය ඉදිරි සතියේදි සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත්කිරිමට රජයේ ඇතැම් නිළධාරින් මේ වනවිට කටයුතු කරමීන් සිටින බවට විරෝධය පා නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි ප්‍රදිප් කමල් පෙරේරා නැමැත්තෙක් අද (14) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල විරෝධතායක් සිදු කළේය.

දිස්ත්‍රික් ලේකම්වරිය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන හා රාජ්‍ය අයවැය චක්‍රලේඛන පවා උල්ලංඝණය කරමින් වංචා ගණනාවක් සිදුකර ඇති බවට රජයේ විගණන වාර්තාවලින් පවා හෙළිදරව් වී ඇති බැවින් ඇයට මෙම නව තනතුර ලබාදීම සුදුසු නොවන බව එම මහතා පෙන්වා දෙයි.

තවද තොරතුරු දැන ගැනීමේ පනතට පටහැනිව අසත්‍ය තොරතුරු ලබාදෙමින් මෙවැනි දුෂණ ගණනාවකට සම්බන්ධ දිස්ත්‍රික්ක ලේකම්වරියකට රජයේ මෙවන් උසස් තනතුරක් ලබාදීම සදාචාර සම්පන්න නොවන බවත් හෙතෙම කියයි.

එම තනතුර ඇයට ලබාදීම සඳහා මේ වන විට කැබිනටි අනුමැතියද ලැබී ඇති බව එ මහතා මෙහිදි හෙළි කර සිටියේය.

(DE සිල්වා)