FAST NEWS

24×7 Around the Globe

බෝගම්බර රැඳවියෝ වර්ජනයක් අරඹති..

මහනුවර බෝගම්බර බන්ධනාගාරය තුළ සිටින සියලුම මරණ දඬුවම ලැබූ සිරකරුවන් හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ සිරකරුවන් ආහාර වර්ජනය කිරීමේ උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

වසර හතරකට වරක් සිදුකළ යුතු සිරකරු සමාලෝචන ක්‍රියාවලිනය සිදු නොකිරීම, සිරකරුවන්ට විවිධ වදහිංසා පැමිණවීම, ආහාර හා අනෙකුත් සුභසාධන පහසුකම්වල ගැටලු මූලික කරගනමින් ඔවුන් මෙම උපවාසය ආරම්භ කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)