FAST NEWS

24×7 Around the Globe

වෙලේසුදාගේ තවත් නඩුවක් විභාගයට දින දෙයි..

ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේසුදා නමැත්තා ඔහුගේ නැගණිය හා බිරිද සමග එක්ව අයථා අන්දමින් උපයා ගත් රුපියල් කෝටි 17 ක මුදලක් විශුද්ධිකරණය කලායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව දෙසැම්බර් 14 සහ 15 යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (14) නියෝග කළේය.

මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවලට වැරදිකරුවී මරණ දණ්ඩනය නියම වී ඇති මෙම මොහුට එරෙහිව නීතිපතිවරයා චෝදනා පනස් හතක් යටතේ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

(DE සිල්වා)