FAST NEWS

24×7 Around the Globe

යාපනය සරසවී සිසුන් මීය යාමේ සිද්ධියට සැක පොලිසීයේ 05 ට ඇප..

2016 වසරේ ඔක්තෝබර් මස 20 වැනිදා රාත්‍රියේ යාපනය – කොකුවිල් ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු සැකකටයුතු ලෙස මිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරීන් පස් දෙනා ඇප මත නිදහස් කිරීමට යාපනය මහාධිකරණය (14) අද නියෝග කළේය.

මීය ගිය දෙදෙනාගේ සිරුරුවල වෙඩි සලකුණු ඇති බවට නිරීක්ෂණය වී තිබුණූ අතර මෙම මරණ සම්බන්ධයෙන් සැකපිට යාපනය පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

(DE සිල්වා)