FAST NEWS

24×7 Around the Globe

ඇලෝසියස්ගේ සාක්ෂි ගැන කොමීසමේ තීරණයට දප්පුල අසතුටින්..

අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී ඔහුගේ සාක්ෂි ලබා දිම සම්බන්ධයෙන් කොමිසමේ තීරණය සම්බන්ධයෙන් සැහීමකට පත් නොවන බවත්,මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවදජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා එම කොමීස හමුවේ සඳහන් කර තිබේ.

ඊයේ(13) දිනයේ දී අර්ජුන් ඇලෝෂියස්ව සාක්ෂිකරුවෙකු ලෙස කොමිසමට කැඳවීමට බලාපොරොත්තු නොවන බව කොමිසම කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එ මහතා මෙම ප්‍රකාශය සිදු කර ඇත.

විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවකට වඩා ජනාධිපති පරික්ෂණ කොමිසමකට බලය පවරන පනතේ වෙනස්කම් පවතින බවත්, එ අනුව බැඳුම්කර කොමිසමට බලය පවරා ඇති අධිකාරි පත්‍රයේ කිසිදු පාර්ශවයකට චෝදනා එල්ල කර හෝ චෝදනා ලත් පුද්ගලයින් නම් කර නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත.

එබැවින් සත්‍ය අනාවරණ කර ගැනීමේ අරමුණ සඳහා ඕනෑම පාර්ශවයක් කොමිසමට සහය දැක්වීමට බැඳී සිටින බවත් ,සාක්ෂි විමසීම අතරතුර කිසිදු පුද්ගලයෙකු චෝදනා ලත් අයෙකු නොවන බවද සොලිසිටර් ජනරාල් සඳහන් කර ඇත.

අර්ජුන් ඇලෝෂියස් මහතාගේ සාක්ෂි කොමිසමට වැරදිකරුවන් හඳුනාගැනීමේදී බොහෝ සෙයින් වැදගත් වන බවත් එබැවින් ඔහු කොමිසමට අත්‍යාවශ්‍ය සාක්ෂිකරුවකු වන බවත් එ මහතා කොමිසම හමුවේ අවධාරණය කර තිබේ.

එමෙන්ම අර්ජුන් ඇලෝෂියස් මහතා සාක්ෂි කූඩුවට නංවා ප්‍රශ්න කරන තෙක් මුළු රටම බලා සිටින බව දප්පුල ද ලිවේරා මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.

(DE සිල්වා)