FAST NEWS

24×7 Around the Globe

මහජන බැංකු සභාපතිවරයා එස්.පී. විතානගෙන් කෝටි 05 ක වන්දි ඉල්ලයි..

සිය කිර්තී නාමයට හානි කළායැයි මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතාට එරෙහිව රුපියල් කෝටි පහක වන්දි මුදලක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබේ.

හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් දුම්රිය සේවයට අයතා අලාභයක් සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවට විතානගේ මාධ්‍ය සාකච්ඡාවකදී පසුගියදා චෝදනා කළැයි යන්න මුලික කරගෙන මෙම නඩු පැවරීම සිදු කර තිබේ.

කෙසේ නමුත්, එම සියලූ චෝදනා පදනම් විරහිත බව පවසන හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙලෙස අධිකරණයේ නඩු පවරමින් තවදුරටත් සඳහන් කර සිටින්නේ එම පුද්ගලයා මෙවැනි ප‍්‍රකාශ මගින් තමාගේ කීර්තිනාමයට බරපතල හානියක් සිදු කිරීමේ චේතනාන්විත උත්සාහයක නිරත වන බවයි.

(DE සිල්වා)