FAST NEWS

24×7 Around the Globe

බැංකු ණය ගෙවිමට නෙවිල් ප්‍රනාන්දු රජයට රෝහල පැවැරුවා..

‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයේ හිමිකාරීත්වය දැරූ නෙවිල් ප්‍රනාන්දු ආදායම් නොමැතිව තිබූ සිය “නෙවිල් ප්‍රනාන්දු රෝහල” හේතුවෙන් රාජ්‍ය බැංකු වෙත ගෙවීමට තිබූ ණය ගෙවීම සඳහා රෝහල රජයට පැවරූ බව දූෂණ විරෝධී හඬ සංවිධනයේ කැඳවුම්කරු වසන්නත සමරසිංහ අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එ අනුව රජය නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 300 බැගින් ගෙවීමට එකඟ වී ඇති බවද හෙතෙම පැවසීය.

(DE සිල්වා)