FAST NEWS

24×7 Around the Globe

අර්ජුන්ට සාක්ෂි දීමට බල කිරීමේ හැකියාවක් නොමැති බව කොමීසම කියයි..

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමීකරු වු අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර කොමීසම හමුවේ සාක්ෂි දීමට බල කිරීමේ හැකියාවක් නැතැයි එම කොමීසම අද (13) තීන්දු කළේය.

සිය කැමැත්තෙන් කොමිසම හමුවේ සාක්කි දිය හැකි බවත් එසේ නොමැතිව කොමිසමක් හමුවේ සාක්කි ලබා දෙන ලෙස බලකිරීමේ හැකියාවක් නැති බවත් කොමිසම දන්වා සිටියේය.

එසේම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කරුණු 13ක් පිළිබඳ දන්නේදැයි හෙළි කර ගැනීමට අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්ෂි විමසීමට අපේක්ෂිතව සිටි බවද කොමිසම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

(DE සිල්වා)