පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් අද(13) ප්රශ්නගත බැඳුම්කර සිද්ධිය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සදහා පෙනී සිටීමට නියමිතය.
ඊට අදාළව කොමිසම පෙරේදා දින සිතාසි නිකුත් කරන ලදි.
මීට පෙර අර්ජුන් ඇලෝසියස්ගෙන් කොමිසමේ විමර්ශන අංශය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් දින 05ක් ප්රශ්න කර තිබුණි.








