FAST NEWS

24×7 Around the Globe

විදුලිබල වෘත්තීය සමිති පැය 48 ක වර්ජනයකට යයි..

ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් හෙට (13) දහවල් 12 සිට පැය 48ක වැඩවර්ජනයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා කොළඹ අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමීන් සඳහන් කළේය.

පාරිභෝගික විදුලිබිල නිවැරදි කරන ලෙස,හා ගෙවීම් පැහැර හැර ඇති අර්ථසාධක අරමුදලේ රුපියල් මිලියන 2000 ක් තැන්පත් කරන ලෙසත්, සහ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා මෙම වර්ජනය සිදුකරන බවද හෙතෙම පැවසීය.

බලධාරීන් විසින් සිදුකරන දූෂණය, නාස්තිය නිසා මණ්ඩලයට සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා සෑම විදුලි බිලකටම සැබෑ මුදලට 50%ක මුදලක් එකතුකර බිල්පත සකස් කරන බවද එ මහතා මෙහිදි අනාවරණය කර සිටියේය.

එසේම වර්ජනය සිදුවන පැය 48ක කාලය තුළදී විසඳුම් නොලැබුණහොත් 15 වැනිදා දහවල් 12 අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවද රංජන් ජයලාල් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)