FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යයන් කොමීසමකට..!

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ නියාමනයන්ට අදාළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යයන් කොමිසමක් වෙත පැවරීමට රජය කෙටුම්පත් සකසා ඇති බව වාර්තා වේ.

එම කොමිසම පෞද්ගලික විශ්වවිද්‍යාල තත්ත්ව පාලන හා නියාමන කොමිසමක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් රජය අපේක්ෂාව වී ඇති බවද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ආරංචි මාර්ග පවසයි.

මෙම කොමිසම පිළිබඳව අනාවරණය වූයේ සයිටම් අර්බුදය ගැන සෙවීමට පත් කර ඇති කමිටුව සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පසුගියදා කළ සාකච්ඡාවක් අතරතුරදී බවද පැවසේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවූ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිරීක්ෂණ අදාළ කමිටුව වෙත මේ වන විට ලැබි තිබෙන බවද සඳහන්.

අදාළ නිරීක්ෂණයන්ට අනුව වෛද්‍ය සිසුන්ගේ ඇතැම් අත්‍යවශ්‍ය පුහුණු කාලසීමාවන් සහ ශික්ෂණ රෝහලක ඇඳන් සංඛ්‍යාව, රෝගීන් සංඛ්‍යාව වැනි කරුණු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා වාසි වන අයුරින් සංශෝධනය කර ඇතැයි දැන ගන්නට ලැබෙන බවද එම ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව වෛද්‍ය සභාවේ බලවත් විරෝධයක් එල්ල වී ඇති බවත් වෛද්‍ය සභාවේ අවම ප්‍රමිතිය පිළිබඳ කමිටුව හෙට (12) හදිසියේ රැස්වීමට නියමිතව ඇතැයිද වැඩිදුරටත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

(DE සිල්වා)