බලපා ඇති අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.
මේ හේතුවෙන් අඟලවත්ත, වලල්ලාවිට, පාලින්ද නුවර, ඉංගිරිය සහ බදුරලිය යන ප්‍රදේශවල ජනතාව ජල ගැලීම් තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එසේම ඉදිරි පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
(DE සිල්වා)








