සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන අවස්ථාවේදී එහි වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
මැගසින් බන්ධනාගාරයට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ එම අවස්ථාවේ රාජකාරී කළ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමකින් තොරව බවද වාර්තා වෙයි.








