FAST NEWS

24×7 Around the Globe

එස්.ටී.එෆ් 177 කට උසස් විම්..

නියමිත සුදුසුකම් සපුරා ඇති පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් රැසකට උසස්වීම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව සැරයන් තනතුරේ සිටි 93ක් උප පොලිස් පරීක්ෂක තනතුර දක්වාත්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිටි 84ක් පොලිස් පරීක්ෂක තනතුර දක්වාත් උසස් කළ බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.

(DE සිල්වා)