FAST NEWS

24×7 Around the Globe

ඇමති මංගලට යටතේ සිටින අධ්‍යක්ෂකවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි කියයි..

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථාපිත ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස එම අමාත්‍යාංශය දැනුම්දී ඇති බව අමාත්‍යාංශ ප්‍රකාශයකු සඳහන් කළේය.

ඒ අනුව එසේ ඉල්ලා අස්වන අධ්‍යක්ෂ මණ්ඩල සඳහා ඒවායේ මෙතෙක් කටයුතු කළ අයට හෝ වෙනත් සුදුසුකම් ඇති පුද්ගලයන් පත්කිරීම සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපති හා අගමැතිවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට නියමීත බවද පැවසේ.

ආයතනවල කටයුතු ඉතා නිවැරදිව කාර්යක්ෂමව ඉටු කිරීම හා ඉදිරි වර්ෂ තුන ඇතුළත රටේ ආර්ථිකය ගොඩනැංවීම මෙහි අපේක්ෂා වන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

(DE සිල්වා)