FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර සිද්ධියට රෝසිගේ පුත්‍රයාත් පැටලෙයි..

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පළමු කෝප් කමිටුවේදී දුන් සාක්ෂි වල පිටපත් එහි සාමාජිකාවක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට ලබා දී ඇති බවට බැදුම්කර ජනාධිපති කොමීසම හමුවේ හෙළි වී ඇති බව වාර්තා වේ.

අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද මඟින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

එසේම මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසී පිළිබඳ අභ්‍යන්තර රහසිගත තොරතුරු අර්ජුන් ඇලෝෂියස් සතුව තිබී ඇති බවට එම සංවාද ඔස්සේ හෙළි වී ඇති බවද පැවසේ.

(DE සිල්වා)