FAST NEWS

24×7 Around the Globe

ගෝඨාගේ “එළිය” අද කළ එළි බසියි..

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරෙන ‘අපේක්‍ෂාවන් දල්වන්නට – එළිය’ සංවිධානයේ සමාරම්භක උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හිදී සවස 5.00 ට එළිදැක්වීමට නියමිතය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට එරෙහිව රට තුළ මතයක් ඇති කිරීමේ අරමුණින් ‘අඳුරින් එළියට – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය’ නමින් ජනතාව දැනුම්වත් කිරීමටද මෙම සංවිධානය සූදානමින් සිටියි.

මෙම සංවිධානය සඳහා දේශපාලඥයන් මෙන්ම විද්වතුන්ද එක්වීමට නියමිතය.

(DE සිල්වා)