දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාට හා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.
සභාපතිවරයා ක්‍රියා කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අවශ්‍ය ලෙස වීමත් ,ඇමැති වීරසුමන වීරසිංහ මහතාගේ ක්‍රියාකලාපය ගැන ද කිසි විටකත් සෑහීමට පත්විය නොහැකි හෙයින් ලබන පළාත් සභා වාරයේදී මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
(DE සිල්වා)








