FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ පළාත් පාලන නියෝජිතයෝ මහින්ද හමුවෙයි..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු පළාත් පාලන නියෝජිතයන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (06) පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු නව පළාත් පාලන පනත හරහා ක්‍ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණයට තරග කිරීමට තිබූ අයිතිය අහිමි කිරීම සහ ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීම නියමීත බවද පැවසේ.‍

එසේම ඉදරි පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදි සිදුව න ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)