FAST NEWS

24×7 Around the Globe

ෆොන්සේකා එරෙහි ඒකාබද්ධ විපක්‍ෂයේ තීන්දුව අද…

ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම අද (06 ) දිනයේදි අවසන් තීරණයක්‌ ගැනීමට නියමී බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

හිටපු හමුදාපතිවරයකු වන ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව සාක්‍ෂි දෙන බවට සරත් ෆොන්සේකා ඇමැතිවරයා රට පාවාදෙන ප්‍රකාශයක්‌ සිදු කිරීම හේතුව බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අවධාරණය කරයි.

එ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම අද පාර්ලිමේන්තුවේදී රැස්‌ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර පක්‍ෂ නායක රැස්‌වීමේදී ඒ පිළිබඳව අවසන් තීරණයක්‌ ගැනීමට නියමීත බවද පැවසේ.

(DE සිල්වා)