FAST NEWS

24×7 Around the Globe

මංතීරු ක්‍රමය අද සිට පාසල් ප්‍රවාහන රථ වලටත්..

මගී ප්‍රවාහන බස් රථ සඳහා හඳුන්වා දුන් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය අද (06) දිනයේ සිට පාසල් ළමුන් ප්‍රවාහනය කෙරෙන බස් රථ හා වෑන් රථ සඳහාද විවෘත බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මගී ප්‍රවාහන බස් රථ සඳහා මෙතෙක් මෙම මංතීරුව ක්‍රමය භාවිත කළ අතර නව පාසල් වාරය ඇරඹෙන අද (06) සිට එම මංතීරුව ඔස්සේ පාසල් ප්‍රවාහන සේවා බස් රථ හා වෑන් රථවලටද එ අනුව අවසර හිමීවන බව එම අමාත්‍යාංශය පවසයි.

මෙම ප්‍රමුඛතා මංතීරු ක්‍රමය හඳුන්වා දෙන ලද්දේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මතය.

දැනට අධික තදබදයක් ඇති කොළඹ තෝරාගත් මාර්ග කිහිපයක මෙම ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක අතර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ‍පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු තවත් ආයතන කිහිපයක මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ.

(DE සිල්වා)