FAST NEWS

24×7 Around the Globe

තීන්දුව දැනුම් දීමට ශ්‍රීලනිප මැති ඇමතිවරු 12 ක් ජනපති හමුවෙති..

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් 12 දෙනෙකු හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (06) සවස ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමීත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

එ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් මීට අයත් බව පැවසේ.

මෙහිදි මෙම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය හා ඊට බලපෑ හේතු කාරණා පිළිබඳ මෙම හමුවේදී ජනාධිපතිවරයා වෙත විස්තර කිරීමට අපේකෂාවෙන් පසුවන බව සඳහන්.

එසේම මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන පැහැදිලි තීන්දුවක සිටින බවත් එ අනුව එම තීන්දුව ගැන ජනපතිවරයා දැනුම්වත් මෙම සාකච්ඡාවේදි සිදුවන වැඩි දුරටත් එම ආරංචි මාර්ග පවසයි.

(DE සිල්වා)