කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) දහවල් 12.00ට පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ හදිසි පනත් කෙටුම්පත් වන මහනගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප‍්‍රාදේශීය සභා ආඥා පනත සංශෝධන කෙටුම්පත් තුන අනුමත කර ගැනීම සඳහා මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවා ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
එ අනුව මෙම හදිසි කැබිනට් රැස්වීමට සහභාගී වන ලෙස ජනාධිපති කාර්යාලය විසින කැබිනට් අමාත්‍යවරුන්ට ඊයේ (05) පෙරවරුවේ දුරකථනයෙන් දැනුම් දී ඇති බවත් පැවසේ.
පොහොය දිනය ඊයේ (05) දිනට යෙදී තිබූ නිසා අඟහරුවාදා කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බවත් කැබිනට් මණ්ඩලය නැවත රැස් වන්නේ ලබන සතියෙ බවත් පසුගිය සතියෙ පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ විය.
එහෙත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ හදිසි පනත් කෙටුම්පත් තුනක් අනුමත කර ගැනීම සඳහා මෙම කැබිනට් රැස්වීම කැඳවා ඇති බවත් එ අනුව අදාළ පනත් තුන අද (06) දිනයේ කැබිනට් මණ්ඩලයට වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බව පැවසේ.
( DE සිල්වා)








