FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ගවල වේගය සීමා කරන්නැයි ඉල්ලයි..

අධික වැසි පවතින අවස්ථාවලදී අධිවේගී මාර්ගවල ගමන් ගන්නා විට පැයට කිලෝමීටර 60ත් 80ත් අතර වේගයක් පවත්වා ගන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගය තෙත්ව පවතින නිසා ලිස්සායාම ආදිය හේතුවෙන් අනතුරු සිදුවීමේ අවදානමක් ඇති බැවින් වාහන ධාවනයේදී වාහන අතර මීටර 50 ක පරතරයක් පවත්වාගන්නා ලෙස ද දැනුම් දෙන බව එම අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු කටයුතු හා කළමනාකරණ අධ්‍යක්‍ෂ එස්.  ඕපනායක මහතා  පැවසීය.

තවත් වාහනයක් පසුකර යනවිට ද ප‍්‍රමාණවත් පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙසද හදිසියේ එක්වර තිරිංග තද කිරීමෙන් වළකින ලෙසද ඒ මහතා ඉල්ලා සිටියි.

එමෙන්ම අධික වැසි සහිත අඳුරු අවස්ථාවල වාහනයේ ඉදිරිපස ලාම්පු දල්වාගෙන ගමන් කරන ලෙස ද ඒ මහතා දැනුම්දෙයි.