FAST NEWS

24×7 Around the Globe

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි..

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

එය ලෝවැසි බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ භික්ෂුණී ශාසනයේ ආරම්භය අදවන් දිනක සිදුවීම හේතුවෙනි.

බුදු පියාණන් වහන්සේ ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම පරිදි ආනන්ද තෙරණුවන්ගේ මැදිහත්වීමෙන් මෙහෙණි සසුන ආරම්භ කිරීමට අවසර ලබාදෙන්නේ ගරු ධර්ම අටක් පිළිපැදීමේ පොරොන්දුව මතයි.