FAST NEWS

24×7 Around the Globe

සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය අනතුරට ලක්වෙයි..

සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් ගමන් කළ ජීප් රථය කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ පිංදෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් අද(05) අලුයම අනතුරට ලක්වී තිබේ.

පොලීසිය සඳහන් කළේ අනතුරින් ජීප් රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයාද ජීප් රථයේ ගමන් කර ඇති අතර, ඔහුට සුළු තුවාල සිදුව ඇති බව පොලීසිය සඳහන් කරන ලදි.